Thursday, December 9, 2010

1 වෙනි පිටුව

නොදොඩා මුවින් හමුවී දෙනෙතින්

මග හැර යන්නෙ ඇයි මේ ලෙසින්..

මේ සින්දුව මගේ හිතට එනවා ඔයාව දකින හැම වේලාවකම. ඒ මට ඔයත් එක්ක කතා කරන්න තියෙන ආසාවට. කතා කරනවා තියා ඔයාත් එක්ක හිනා වෙන්න වත් මගේ හිතට ශක්තියක් නෑ. කොච්චර හිතන් ගියත් ඔයා එක්ක හිනා වෙන්න ඔය මූණ දැක්ක ගමන් මට ඉබෙටම බිම බැලෙනවා. මගෙ හිත කොච්චර අසරනද?

ඔබට සිත ආදරේ කරයි..

දෙතොල ගොලු වී සිටියි..

නැගුන සෙනෙහේ කියනු බැරිවී මගෙ සිත වේදනා විදි....

Tuesday, July 20, 2010

පිවිසුම....

මේ ගෙවෙන්නෙ මගේ කැම්පස් ජීවිතේ අන්තිම දවස් ටික.. ඒ කියන්නෙ final exam එක...
පාඩම් කරන්න කන්දකුත් ඊට වඩා ටිකකුත් තියෙනව..
ඒත් මේ කාලෙට තමයි රටේ ලෝකෙ තියෙන ඔක්කොම බාහිර වැඩ කරන්න මතක් වෙන්නෙ..
ගොඩක් කාලෙක ඉදල මගෙ හිතෙ තිබුනා සිංහල බ්ලොග් එකක මගේ ජීවිත කතාව ලියන්න.
ජීවිත කතාව කිව්වට මෙක ජීවිත කතාවම නෙවේ. මගේ ආදර කතාව.
මට හිතුන ඒක කොහෙ හරි ලියන්න ඔනෙ කියල. දවසක මට පුලුවන් මගෙ ආදරේට ඒක පෙන්නන්න..
ම්..ම්.. තව........